දරුවා මැරුවේ තාත්තාට වේදනාවක් දෙන්න

child

“දරුවගේ පියාගෙන් සිදුවූ කෙනෙහිලිකම් නිසා එයට පළිගන්න මම දරුවව කපලා කොටලා මැරුවා. මට ඕන වුනේ ඔහුට ජීවිත කාලයටම වේදනාවක් දෙන්න.” යෑයි පනාගොඩ කපුරුගොඩ ප්‍රදේශයේ කළුගල් වැඩපළක්‌ අසල පාළු නිවසකදී තියුණු ආයුධයකින් දස හැවිරිදි පිරිමි දරුවකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (27 වැනිදා) අතුරුගිරිය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ඇල්ලබේ ලියනගේ නොහොත් රේබ‍්‍රන් පෙරේරා නමැති 50 හැවිරිදි මෙම සැකකරු ලබන මස 7 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට හෝමාගම මහෙස්‌ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය නියෝග කළේය.

සැකකරු සහ දරුවාගේ පියා කපුරුගොඩ ප‍්‍රදේශයේ ගල්වලක සේවය කර තිබෙන අතර ඝාතනයත් සමග සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් සිටි අතර අතුරුගිරිය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ බියගමදීය.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ සැකකරු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධකරුවකු ද බව පොලිසිය කියයි. නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත.

එහිදී ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති අතර මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක්‌ පිපිරී සැකකරුගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත.

මේ නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

Leave a Reply