බැංකු කොල්ලකරු අල්ලන්න පොලීසිය සහය පතයි 

Robbery-650x465

කොම්පඤ්ඤවීදිය, ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා රුපියල් ලක්ෂ 55 ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

මුහුණු අවාරණය කරන ලද හිස් වැසුමක් පැළඳ කළු පැහැති යතුරුපැදියකින් ඔහු පැමිණ ඇති බව බැංකුවේ සවි කරන ලද සී.සී.ටී.වී කැමරා පද්ධතිය ඔස්සේ අනාවරණය කරගෙන තිබේ.

කොල්ලයට සම්බන්ධ සැකකරු පිළිබඳ යම් තොරතුරක් වේ නම් ඒ පිළිබඳ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ 011 2 384 382 දුරකථන අංකයට හෝ දුරකථන අංක 011 2 323 330 ට දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියි. සැකකරුගේ ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.robbery

Leave a Reply