රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ යළිත්

2016.08.01 duty free vehicles

සහනදායී මිලට මෝටර් රථ ගෙන්වීමේදී රජයේ නිලධාරීන්ට මෝටර් රථ හිමිකරදීමේ වැඩපිලිවෙළක් ලෙස උපරිම මිල ඇ.ඩො.30,000l සීමාවකට යටත්ව 50%ක බදු සහනයක් ලබාදීමට කටයුතු කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරු, නීතීඥවරු, විශ්වවිද්‍යාල කුලපතිවරු, ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, මෙම සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමිකමට ඇතුළත් වේ. නව චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වසර 6 අවම සේවා කාලයක් සලකා බලපත්‍ර ලබාදෙන අතර, රාජ්‍ය සංස්ථා සහ ව්‍යාවස්ථාපිත ආයතන සඳහා මෙම කාලය වෙනස් වන බවද නිවේදනයේ දැක්වේ. මේ ක්‍රමය යටතේ සුදුසුකම් සපුරන අයකුට ලබාගත හැකි උපරිම බලපත්‍ර සංඛ්‍යාව 02ක් වන අතර, එක් බලපත්‍රය නියමිත කාලය තුළ ලබාගත් පසුව දෙවැනි බලපත්‍රයේ හිමිකම ලබා ගන්නට වසර 10කට පසු අවස්ථාව හිමිවන බවද පැවසේ. මෙම චක්‍ර ලේඛයට සමගාමීව රාජ්‍ය පරිපාලන 22/99 චක්‍ර ලේඛයද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ විශ්‍රාම යන අවස්ථාවේ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරීන් සඳහා සහනදායී බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත. රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මීට පෙර මෝටර් රථ බලපත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබාගෙන ඇත්නම් එම නිලධාරීන්ට මෙම අවස්ථාව හිමි නොවනු ඇත.

Leave a Reply