ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැයි මස ලංකාවට පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ම වැඩසටහනට සහභාගි වීමට පමණක් යැයි රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පවසා තිබෙන්නේ මඩකලපුව ඔඩ්ඩමාවඩි පාසලේ පැවැති උත්සවයකදී ය.
මෝදි ලංකවේදී කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවද ඔහු කියා ඇත.
ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණ ගිවිසුම් අත්සන් කරන බවට ප්‍රචාර ගෙන යන්නේ ආණ්ඩු විරෝධී පිරිස් යැයිද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පවසා තිබේ.
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම පිළිබඳ වැදගත් තීන්දු රැසක් ගනු ඇති බවට මීට පෙර ප්‍රකාශ විය