ඉන්දියාව, චීන රාජ්‍යතාන්ත්‍රික උළෙල වර්ජනය කරයි!

ඉන්දිය සාගර කලාපීය ආර්ථික උපායමාර්ගික සැලැස්මක් ලෙස අද දින ආරම්භ කෙරෙන චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහනේ ආරම්භක උත්සවය ඉන්දියාව විසින් වර්ජනය කර තිබේ.

ලොව පුරා ප්‍රධාන පෙළේ බලවතුන් රැසක් සහභාගි වන මෙම රාජ්‍යතාන්ත්‍රික උත්සවයට ආරාධනා ලැබ ඇතත් ඉන්දියාව ඊට සහභාගි නොවීම සදහා හේතුව ලෙස දක්වා ඇත්තේ එම වැඩපිළිවෙළ ඉන්දියානු ස්වාධිපත්‍යයට අභියෝගයක් බවයි. ආසියාවේ ආර්ථික බලවතා ලෙස මතුවී ලොව ප්‍රමුඛතම ආර්ථික බලය දක්වා ඉදිරියට යාමේ අරමුනින් චීනය ගෙන යන මෙම වැඩපිළිවෙළ තුල ඉන්දිය සාගරයේ නාවික හා වෙළද බලය ඉලක්ක කර තිබේ. ‘ඉන්දියානු සාගරයේ මුතුපොට‘ ලෙස වරාය කිහිපයක්ද සමග චීනයේ සැලැස්ම සම්බන්ධ කර ඇත. හම්බන්තොට වරායද එම සැලැස්මට අයත් බව හෙළිදරව් වී තිබේ.

ඉන්දිය අගමැතිවරයා පසුගියදා ලංකාවේ සංචාරයක යෙදුණේ ඉන්දිය ආර්ථික බලය ස්ථාපිත කිරීමේ අරමුණ වෙනුවෙන් බවට සැකයක් නැත. ලංකාවේ අගමැතිවරයා චීනයට යන්නට පෙර ඔහු විසින් ඉන්දියාව සදහා පොරොන්දු වූ සියල්ල ඉටුකරගැනීම සහතික කරගන්නට ඇතැයි දේශපාලන අංශවල කතාබහට ලක් විය.

Leave a Reply