උතුරු කොරියාව එ.ජනපදය හා සාකච්ඡා කරන්න සූදානම්

උතුරු කොරියාව එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සිය කොන්දේශි සහිතව එකගවන බව පවසයි.

අද චීනයේ බීජිං නුවරට පැමිණි උතුරු කොරියානු ඡේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකවරියක් වන චෝයි සන් හී මෙසේ සාකච්ඡා කිරීමට තම රට සූදානම් බව  පවසා ඇත. තම රට සමග අවංක වුවමාවෙන් සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය නම් ඒ සදහා යම් කොන්දේශි සහිතව එය සිදු කිරීමට උතුරු කොරියාව සූදානම් බව අද දින බීජින් නුවර උතුරු කොරියානු තානාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

නොර්වේ සිට උතුරු කොරියාව බලායමින් සිටි ඇය චීනයේ බීජිං පිහිටි සිය උතුරු කොරියානු තානාපති කාර්යාලයේදී විදෙස් මාධ්‍ය වෙත මෙම ප්‍රකාශ්‍ය සිදු කර ඇත.

2008 වසරේ සිට ඇණහිට ඇති උතුරු කොරියාව සමග පැවැති සය පාර්ශවීය සාකච්ඡා සදහා එක්සත් ජනපදය, චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයදඇතුලත්වේ.

සිය න්‍යෂ්ඨික අවි නිපදවීම සම්බන්ධයෙන් සය පාර්ශවීය සාකච්ඡාවට කිහිපයික් 2008 වසරට පෙර ආරම්භ කළ නමුත් පසුව එම සාකච්ඡා ඇණහිටිනි.

පසුගිය දිනක ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් පවසා තිබුනේ උතුරු කොරියානු නායකයා හමුවීමට තමා සූදානම් බවයි.

එම ප්‍රකාශය කිරීමට පෙර උතුරු කොරියාවට එරෙහි ප්‍රහාරයක් දියත් කිරීමට අවශ්‍ය පරිසරය එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනය ඇති කිරීමට කටයුතු කළේය.

මෙම තත්වය උද්ගතව ඇත්තේ පසුගිය මාස කිහිපයක සිට පැවැති කොරියානු අර්ධද්වීපයේ පැවුති යුමය උණුසුමත් සමගිනි.

 

Leave a Reply