වෛද්‍ය උපාධිය මුදල් පදනම මත පිරිනමන සයිටම් ආයතනය අහෝසි කරන ලෙස කළ අරගලය හමුවේ දෙනවා යැයි කී විසදුම තමන් දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටී.
සයිටම් අහෝසි කරන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය, සරසවි ශිෂ්‍ය මව්පියන්, දේශපාලන පක්ෂ සහ වෙනත් බහුජන සංවිධාන එක්ව හඩ නගද්දී ජනාධිපතිවරයා කීවේ ‘සියලු පාර්ශ්වවලට සාධාරණ විසදුමක්‘ දෙන බවයි. එ සදහා මාස ගණනක් ගෙවා අවසානයේදී ජනාධිපතිවරයා දුන් විසදුම ඊයේ (05) අනුරාධපුරයේ පැවති උත්සවයකදී ඔහු විසින්ම විස්තර කළේය.
ඒ අනුව, “සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය පිළිබඳ මතුවූ ගැටලු රැසකට රජය මේ වන විට විසඳුම් ලබාදී තිබෙන අතර අදාළ සිසුන් සඳහා සායනික පුහුණුව අනිවාර්යය කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව අනුමත කරන පරීක්ෂණයට අනිවාර්යයෙන් පෙනී සිටීම, වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් නිවේදනය කිරීම, අදාළ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම, තනි පුද්ගලයෙක් සතුව තිබු ආයතනය සාමුහික ව්‍යාපාරික ආයතනයක් බවට පත් කිරීම, ආයතනයේ පරිපාලනය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් යටතට පත්කිරීම ඇතුළු පියවර රැසක් මේ යටතේ ගෙන තිබේ.”
සියලුම සරසවි නියෝජනය කරන ශිෂ්‍ය සංගම්, ඒ ශිෂ්‍ය සංගම්වල නියෝජනයෙන් සැදි අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය ඇතුළු සංවිධාන සමූහයක්ද වෛද්‍යපීඨ පීඨාධිපතිවරු ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය මවුපියන්, දිවයින පුරා වෙසෙන ජනයා එක්ව ගෙන ගිය අරගලයක් මගින් ආන්ඩුවට බල කර සිටියේ අධ්‍යාපනය විකිනීම අහෝසි කරන ලෙසය. අවම වශයෙන් ඒ පිළීබද ප්‍රතිපත්තිය හෝ ප්‍රකාශ නොකොට ජනාධිපතිවරයා විසින් ‘සියලු පාර්ශ්වවලට සාධාරණ විසදුමක්‘ ලෙස ලබා දී ඇත්තේ සයිටම් අධිපතියාට වාසිදායක, ඔහුගේ ව්‍යාපාරය කොටස් වෙළදපොළට ගෙනයන උදව්වකි. ඒ මදිවාට එය රාජ්‍ය මගින් සුපරික්ෂකාරිත්වයකින් සිදුකරන බවද ජනාධිපතිවරයා පවසයි.
රටේ බොහෝ දෙනා ඉල්ලා සිටියේ ආරම්භයේ සිටම වංචනික ලෙස පවත්වාගෙන ආ බවට සනාථ වූ, ඒ නිසාම බදවා ගත් උපාධී අපේක්ෂකයන් ගෙවු ලක්ෂ ගනන් මුදල් වංචනිකව ලබාගත් බව තහවුරුවන සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දුගේ අධයාපන කඩය අධ්‍යාපන ආයතනයක් ලෙස නොපිළිගෙන ඊට එරෙහිව කටයුතු කරන ලෙසයි. නමුත් ජනාධිපති ලජ්ජාවක් බයක් නැතිව කියන්නේ, “සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය පිළිබඳ මතුවූ ගැටලු රැසකට රජය මේ වන විට විසඳුම් ලබාදී තිබෙන බව“ය.