වෛද්‍ය උපාධි වෙළෙදාම භාරදෙන තුරු ඉවසන්න – ඇමති කිරිඇල්ල

සයිටම් අර්බුදය අවසන් කරන තෙක් නව සිසුන් බදවා නොගන්නා ලෙස නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටි බව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එසේ ඉල්ලා සිටින්නට සිදුව ඇත්තේ සයිටම් ආයතන ප්‍රශ්නය තවදුරටත් අර්බුදකාරීතත්වයකට පත්ව තිබියදී නව අධ්‍යයන කටයුතු සදහා සිසුන් බදවාගැනීමට උපදෙස් සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු විසින් ලබාදී ඇතිනිසාය. සයිටම් ආයතනයේ පාලනය නෙවිල් ප්‍රනාන්දු අත තිබියදී එහි ව්‍යාපාරික හිමිකම් කොටස් වෙළදපොළ වෙත විවෘත කරන්නට ආණ්ඩුව යෝජනා කළ සැලැස්ම තුළ නව ආයෝජන පළල් කරගැනීමක් සදහා නෙවිල් ප්‍රනාන්දු සැලැසුම් සකස් කර ඇතිබවද වාර්තා වේ. වෛද්‍ය උපාධිය මුදල් පදනම මත ලබාගත හැකි සයිටම් වැනිම නව ආයතනයක් බිහිකිරීමේ අපේක්ෂාව නෙවිල් ප්‍රනාන්දු විසින් හෙළිකර තිබිණි. අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා අලෙවි කිරීමට විරෝධය පළ කරමින් ශිෂ්‍ය ප්‍රජාව, වාමාංශික පක්ෂ, බහුජන සංවිධාන හා වෘත්තිය සමිති රාශියක් එක්ව ගෙන යන විරෝධතා කිසිවක් ආණ්ඩුව විසින්ද ගණන් නොගෙන තත්වයක් තුළ නෙවිල් ප්‍රනාන්දු මෙවැනි ප්‍රකාශ මගින් එකී විරෝධය අභියෝගයට ලක් කිරීමට මැදිහත්වන බවක් පෙනේ. උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වැනිවුන් සමග ජනාධිපතිවරයාද නෙවිල් ප්‍රනාන්දුගේ ආයෝජන ප්‍රවර්ධනයට තැරැව්කරුවන් බවට පත්වන තත්වයක් තුළ අර්බුදය විසදාදෙන තෙක් ඉවසන ලෙස ආයාචනා කරන්නට සිදුව ඇත.

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ණය මත ආර්ථික අර්බුදයෙන් ගැලවීමට තව තවත්නය ගෙන රාජ්‍ය මගින් නඩත්තු කළ අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි මූලික මහජන අයිතින් පවා විකිනීම කරගෙන යයි. නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියට අධ්‍යාපනය හා සෞඛ්‍ය පමණක් නොව ජලය හා ඉඩම් වෙළදපොළට එකතු කිරීමට නියමිතය.

Save