தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
උතුරු කොරියාව නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුරු කොරියාව නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි



අද දින උතුරු කොරියාව විසින් සිය මිසයිල වැඩ සටහනේ වැදගත් අවස්ථාවක් පසු කරමින් අන්තර් මහද්ධීප බැලස්ටික් මිසයිලයක් සාර්ථකව ගුවන් ගත කරනු ලැබීය.

මීට දෙසතියකට පමණ පෙර අවස්ථා දෙකකදී ද සිය මිසයිල ගුවන් ගත කරනු ලැබුවත් ඒවා ගුවන් ගතවී සුළු මොහොතකින් පසුව පුපුරා ගොස් තිබුනි.
අද දින අත්හදා බලනු ලැබූ මිසයිලයට කිලෝ මීටර් 2000කට ආසන්න ඉලක්කයක් දක්වා ගමන් කළ හැකි බවට තොරතුරු විදෙස් මාධ්‍ය පළකර ඇත.

පසුගිය දෙමසක පමණ කාලයක සිට කොරියානු අර්ධද්වීපය තුල උතුරු කොරියාව හා එක්සත් ජනපදය අතර යුදමය ගැටුමකට ඉතා ආසන්න තත්වයක් වර්ධනය විය.

මෙම නව මිසයිල අත්හදා බැලීම විසින් උතුරු කොරියාව තම න්‍යෂ්ඨීක වැඩසටහනට දෙනෙු ලබන ප‍්‍රමුඛතාවත්ල එක්සත් ජනපදය හා ඇති විය හැකි ගැටුමකදී සිය ආරක්ෂාව හා ප‍්‍රහාරාත්මක හැකියාව පිළිබදව පූර්ව ඇගවුමක් සිය ප‍්‍රතිවාදීන්ට ලබා දෙනු ඇත.




Related News