මහින්ද රාජපක්ෂගේ කාලයේ පාර්ලිමේන්තුවට පැමිණීමෙන් මන්ත්‍රිවරියක් වූ ගීතා කුමාරසිංහ නීතිමය වශයෙන් එම දුරයෙන් ඉවත් කළ පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩුවන මන්ත්‍රිධුරය පියසේන ගමගේ වෙත හිමිවන්නට නියමිතය. ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසිභාවය හිමිකාරියක නිසා මන්ත්‍රිධුරය අහිමි කළ පසුව එම පුරප්පාඩුවට ඊළග මනාප සංඛයාව හිමි පියසේන ගමගේ පත්වන්නට නියමිතය.
සිනමා නිළීයකව සිට රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස තේරී පත්වූ ගීතා කුමාරසිංහට මන්ත්‍රිදුරය අහිමි කෙරුණේ ඇය ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය දරන නිසා මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු බව අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට කළ දැනුම්දීම අනුවය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව එහි මහා ලේකම් ධම්මික දිසානායක ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත කළ එම දැනුම්දීම අනුව මැතිවරණ කොමිසම රැස්වී ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම මන්ත්‍රී ධුරය සඳහා ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබේ.
ලංකාවේ පුරවැසිභාවය හිමි අයකු වුවද මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම්දීමේ අයිතිය අහිමි කෙරෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ පසුව එහි ප්‍රතිපලයක් ලෙසය. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට හවුල් ආණ්ඩුවට සිදුවූයේ මැතිවරන වයාපාරය තුළ දුන් පොරොන්දු ඉටු කරන බව පෙන්වන්නටය. කෙසේවෙතත් ද්විත්ව පුරවැසිභාවය පිළීබද නීති ගෙන එන්නට විපක්සයේ මැතිවරණ ක්‍රියාදාමය තුළ කිසිදු උනන්දුවක් හෝ පොරොන්දුවක් තිබුණේ නැත. 2015 වසරේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා අතරට මෙම සංශෝධනය ගෙන එන්නට දැඩි පරිශ්‍රමයක් දැරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක බවට එවකට දේශපාලන අංශවල කතා බහට ලක් විය. මැතිවරණවලදී තරග කිරීමට වෛද්‍යවරුන්ටත් රැකියාව අතහැර එන්නට සිදුව තිබියදී වෙනත් රටක පුරවැසියකුට එම අවස්ථාව හිමිවන්නේ කුමන වරප්‍රසාදයක් නිසාදැයි ඔහු ප්‍රශ්න කළ බවට ජනමාධ්‍ය වාර්තා පළ විය.
දැන් දේශපාලන අංශවල කතාබහට ලක්වන්නේ ජනතාවගෙන් අවශ්‍ය මනාප ගන්නට නොහැකිව මන්ත්‍රිකම අහිමි වුවද නැවත පත්වන්නට වරයක් හිමිකරදීම ගැන පියසේන ගමගේ ජ.වි.පෙ. නායකයාට කෘතඥ වියයුතු බවයි.