தமிழ்
English
Contact
Monday 13th November 2017    
චීන උපායමාර්ගික සැලැස්මේ ආරම්භක උත්සවයට අගමැති චීනයේ « Lanka Views | Views of the truth

චීන උපායමාර්ගික සැලැස්මේ ආරම්භක උත්සවයට අගමැති චීනයේ



එක් තීරයක් එක් මාවතක් (One Belt, One Road) ලෙස හදුන්වන චීනයේ උපායමාර්ගික වැඩසටහනේ ආරම්භක අවස්ථාවට සහභාගිවීමටඅගමැති රනිල් වික්‍රමසිංහ අද චීනය බලා පිටත්ව ගියේය.

චීන ජනාධිපති ෂී ජිංපින්ගේ ප්‍රධානත්වයෙන් හෙට(14) බේජිං අගනුවර පැවැත්වෙන මෙම උත්සවට රටවල් 30ක රාජ්‍ය නායකයන් සහභාගිවන බවට අපේක්ෂා පළ වී තිබේ. චීනය යුරෝපය දක්වා වෙළද සබදතා ඇතිකළ පැරණි සේදමාවත වෙනුවට ගොඩබිම් හා සමුද්‍ර සම්බන්ධ කරමින් වෙළෙද හා රාජ්‍යතාන්ත්‍රික සබදතා ඇති කරගැනීම ඉලක්ක කරගෙන ඇත. රාජපක්ෂ පාලනය සමයේ ලංකාවේ හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය ඉදිරිපත්වීම සහ වත්මන් පාලනය යටතේ එහි කටයුතු පවරාගැනීම දක්වා චීනයේ තීරණ ගැනීම් මෙම වැඩසටහන තුළ සිදුවන්නකි.

මේ වනවිට ලෝකයේ ආර්ථික බලවතා වන්නට සැලසුම්කමින් සිටින චීනය මෙම වැඩසටහන තුළින් ඉන්දිය සාගරය අවට ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල ආර්ථික ආධිපත්‍ය හිමිකරගනු ඇති බවට අනාවැකි පළ වේ.මෙම සමුලුවට බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපා සංගමයේ ද එක්සත්ජනපදය, ජපානය, දකුනු කොරියාව වැනි රටවලද නියෝජිතයන් සම්බන්ධ වේ.




Related News