මැලේසියානු අගමැති නජීබ් ඩොලර් මිලියන 620ක් ආපසු යවයි

nagib pm

මැලේසියානු අගමැතිවරයා වන නජීබ් රසාක්ට එරෙහිව එල්ලව තිබූ දුෂණ වංචාවලට අදාල චෝදනාවලින් ඔහුව නිදහස් කර ඇති බව එරට නීතිපති පවසයි. මහා පරිමාණ මුදල් ප්‍රමාණයක් මැලේසියානු අගමැතිවරයාගේ පුද්ගලික ගිණූමක තැන්පත් කිරීම පිළිබදව චෝදනා අගමැති නජීබ්ට එරෙහිව ප්‍රබල ලෙස එල්ලවී තිබුනි. එසේ අගමැති නජීබ් රසාක්ට එරෙහිව එරට හිටපු අගමැතිවරයකු වූ මහතීර් මොහොමඩ් පවා මෙම වංචා දූෂණ චෝදනා එල්ල කර තිබුනි. මේ හේතුවෙන් පැවති පරීක්ෂණයකින් පසුව එරට නීතිපතිවරයා  පවසා තිබුනේ එම මුදල් අගමැතිවරයාට පුද්ගලික පරිත්‍යාගයක් ලෙස සෞදි අරාබියේ පාලක රජ පවුලෙන් ලැබී ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි. මේ හේතුවෙන් තව දුරටත් අගමැතිවරයාට එරෙහිව එම සිදුවීම පිළිබදව ඉදිරියට කටයුතු නොකිරීමට මැලේසියානු වංචා දූෂණ විරෝධී කොමිසමද තීරණය කර ඇති බවයි.

මෙම ඇමෙරිකන් ඩොලර් මිලියන 620ක මුදල නැවත සෞදි රජ පවුල වෙත ආපසු මුදා හරින බවද නීතිපතිවරයා පවසා තිබුනි. නමුත් ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ අගමැති නජිබ් හා සෞදි රජ පවුල අතරවන ගනුදෙනු පිළිබදව සියලු තොරතුරෙු දන්නේ එම දෙපාර්ශවය පමණක් වන බවයි.

වංචා දූෂණ එල්ලවන බොහෝ රටවල පාලකයන්ට එම මුදල් ලැබීම් සිදුවන්නේ එක්කෝ පරිත්‍යග හෝ නැතිනම්  ත්‍යාග ලෙසයි. ඒත් මෙතරම් මුදලක් මැලේසියානු අගමැතිවරයාට පරිත්‍යාග කිරීමට සෞදි රජ පවුලට ඇති හේතුව කුමක්ද යන්නත් අපේ රටේද විවිධ වංචා දූෂණ වලට සම්බන්ධයැයි හෙළිව තිබූ අයටද නොයෙක් පරිත්‍යාග හා ත්‍යාග ලැබී තිබුනු බව බවට වන වාර්තා පසුගිය කාලය තුල වාර්තා විය. මැලේසියානු නීතිපති පවසන අයුරින්ම මෙම පරිත්‍යාග හා ත්‍යාග ලැබීම පිළිබදව සත්‍ය තොරතුරෙු දන්නේ ඒවා ලැබූවන් හා ලබාදන් අය පමණි.