මැයි 1 – ජාත්‍යන්තර කම්කරු දිනයට රැලි හා පෙළපාලි 16ක්

අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා දේශපාලන රැළි 16ක් පැවැත්වීමට නියමිත ය.

කොළඹ සහ මහනුවර පැවැත්වෙන මෙම රැළි අතරින් ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස  සමරනවාට වඩා එය ධනපති දේශපාලන පක්ෂ සහ සුළුධනපති පක්ෂ විසින් සිය බලය පෙන්වීමේ පටු අවශ්‍යතාව ඉටුකරගැනීම අරමුනු කරගෙන එදින දේශපාලන රැලි කැදවා ඇති බව පෙනී යයි.
කෙසේවෙතත් ඇතැම් වමේ පක්ෂ විසින් කැදවන කම්කරු දින පෙලපාලි හා රැලි ද බොහෝ දුරට එම අගතියේ ගිලීමට එරෙහි අගලයක් කරමින් තිබේ. වාර්තාවන ආකාරයට මැයි 1 වැනිදා පැවැත්වෙන රැළි කිහිපයක් පහත පළ වේ.

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය – කොළඹ, පිටකොටුවේ බැස්ටියන් මාවත බස් නැවතු මේ පිවිසුම අසළ

  • සමාජවාදී පක්ෂය   – ජයන්ත වීරසේකර ප්‍රජා මධ්‍යස්ථාන ශාලාව, මරදාන

  • ජනතා විමුක්ති පෙරමුණ – බීආර්සී ක්‍රීඩාංගනය

  • නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය සහ එක්සත් කම්කරු සම්මේලනය – ස්ටැන්ලි ජෑන්ස් පිටිය

  • එක්සත් සමාජවාදී පක්ෂය – ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය

  • ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය – විහාරමහා දේවී එළිමහන් රංග පීඨය

  • ග්‍රාම නිලධාරී සංගමය – මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

  • සමාජවාදී සමානතා පක්ෂය- නව පුරහල

  • නව සමසමාජ පක්ෂය – ගුණසිංහපුර ක්‍රීඩාංගනය