බැසිල් ගෙදරින් උසාවි, උසාවියෙන්-බන්ධනාගාරය, බන්ධනාගාරෙන් රෝහල් ඇදට!

Basil-Rajapaksha

බැසිල් රාජපක්ෂ බන්ධනාගාරයට නියමකර පසුදින උදයෙන්ම රෝහල්ගත කිරීම පිළිබද ආන්දෝලනයක් ඇති වී තිබේ.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැතිවරයාට එරෙහිව මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමේ අවශ්‍යතාවයට පසුගිය 18 වැනිදා ‘මුල්‍ය අපරාධ විමර්ශන අංශය‘ට කැදවා තිබිණි. එහිදී පොදු දේපල පනත යටතේ චෝදනා නැගීම පිනිස ඔහු  අත්අඩංගුවට ගන්නා ලදී. 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 33ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉන්පසුව කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එලඹෙන අගෝස්තු 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.

කෙසේවෙතත් ඊයේ(19) උදයේ ඔහු යම් රෝගී තත්වයකින් සිටින බව නිගමනය කරමින් ජාතික රෝහලේ ගෙවෙන වාට්ටුවට ගෙන යන්නට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු අවසර දුන්හ.

Leave a Reply