බැදුම්කර චෝදනා ලැබු සමාගම්වලට ගුවන් සමාගම් දෙනවලු

මහබැංකු බැදුම්කර ගනුදනුව හරහා රුපියල් කෝටි ගණනක් අයතා ලෙස ඊපයූ ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්‘ සමාගම විසින් ශ්‍රී ලංකන් හා මිහින් ගුවන් සේවා මිලදී  ගැනීමට සූදානම් වන බවට චෝදනා නැගී තිබේ.

මෙම ගුවන් සේවා මිලදී ගන්නා සමාගම් ලෙස විදේශික සමාගම් කිහිපයක නම් දෙනු ලැබුවද ඇත්ත වශයෙන්ම එම නාමික සමාගම් පසුපස සිටින්නේ කවුරුන්ද යනන අවධානයට යොමුව තිබේ. මෙම රාජ්‍ය ආයතන මිලදී ගැනීමේ සූදානම හෙළිව ඇත්තේ වෙනත් සමාගම් නාමිකව යොදාගන්නට හැකි මුල්‍ය ආයතනවලට මැදිහත්වන බවට ඇති සැකය නිසාය. පසුගිය දිනවල එක්සත්ජාතික පක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යවසාය කමිටුවේ නියෝජිතයා ලෙස ඇමැති එරාන් වික්‍රමසිංහ පවසා ඇත්තේ දැනට ඉදිරිපත්ව ඇති ටෙන්ඩර් අනුව ටෙක්සාස් පැසිෆික් සමාගම ගුවන් සමාගම් පාලනයට ඉතාම සුදුස්සා බවට එරාන් වික්‍රමරත්න නිර්දේශ කර ඇත්තේ, එය පර්පෙචුවල් සමාගමට සම්බන්ධ කරගෙන සිටින නිසාය.

Leave a Reply