අද සවස 7.30 ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුවර දිස්ත්‍රික් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වූ ජ.වි.පෙ. සාමාජිකයන් පිරිසක් මේ වනවිටත් එම කාර්යාලයේ රැඳීසිටින බව ලංකා වීව්ස් වෙත වාර්තා වේ.
ජ.වි.පෙ. සාමාජිකයන් දහයක් පහළොවක් පමණ පිරිසක් පැමිණ ඇති බව සහ ඒ අතර ජ.වි.පෙ. සාමාජික රුවන් නමැත්තා සහ ජ.වි.පෙ. ප්‍රවාහන වෘත්තීය සමිති සාමාජික තෙන්නකෝන් සිටි බවට හඳුනාගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මොවුන් විසින් ඒවනවිට කාර්යාලයේ රැඳී සිටි සාමාජිකාවකට තර්ජනය කර කාර්යාලයේ ඇති ලිපි ලේඛණ එලියට ඇද දමා තිබේ. එම කාර්යාලයේ තිබූ වාහනයකටද අලාභ හානි සිදුකොට ඇති අතර කාර්යාලයේ සිටි සාමාජිකාවගේ භාරයේ තිබූ රු. 25,000 ක මුදලකුත් ඔවුන් විසින් පැහැරගෙන තිබෙන බවත් වාර්තා වේ.