පැරදුනු අය ගත්තේ ශ‍්‍රී.ල.නි.ප.ය රැුකගන්න – එස්. බී.

sb

ජාතික ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි ඉඩකඩක් ලබා දීමට තීරණය කළේ සන්ධානයේ ප‍්‍රධාන පක්ෂය වනශ‍්‍රී.ල.නි.ප.යේ  අනාගතය වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක පවසයි.

සන්ධානයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 12න් 7ක්ම ලබා දී ඇත්තේ පරාජිත අප්ක්ෂකයනටය. එස්. බී. දිසානායකද මෙවර මහනුවර දිස්ත‍්‍රික්කයට තරඟ කර පරාජය වුවත් ඔහුටද ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමිව ඇත.

අගෝස්තු 27 කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂවලට ද නියෝජනයක් ලබා දීමට තීරණය කළ ද ලබා ගෙන ඇති ආසන ප‍්‍රමාණය මත එම අවස්ථාව ඔවුන්ට අහිමි වූ බවයි.

එබැවින් ජාතික ලැයිස්තුව සැකසීමේදී පක්ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බුද්ධිමත් තීරණයක් ගෙන ඇති බව එස්.බී. දිසානායක කියා සිටියේය.

වජිර තෙන්නකෝන්

Leave a Reply