පැපුවා නිව්ගිනියා හි පෝට් මොරොස්කි පිහිටි ජාතික පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයෙහි යෙදෙන ශිෂ්‍යයින් ඊයේ ඊට ඇතුළුවීමට දැරූ උත්සාහයේදී එරට පොලීසිය විසින් තූබූ වෙඩි පහරවල් හේතුවෙන් සිසුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අවම වශයෙන් තවත් විසිතුන් දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිසු උද්ඝෝෂණය සති පහක් තිස්සේ පවතී. එම කාලය තුල සිසුන් පංති වර්ජනයෙහි සිටී. පසුගිය මැයි 31 පාර්ලිමේන්තුව පිටතින් සිසුන් විසින් උද්ඝෝෂණයේ නිරතව ඇත. විරුද්ධ පක්ෂය විසින් එරට පාලක පක්ෂයට විරැද්ධව විහ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇත. මහජන ජාතික කොංග්‍රසය (people’s national congres) විසින් එරට පාලනය හොඔවයි විපක්ෂය හා සිසුන් විසින් .
සිසු උද්ඝෝෂණයෙහි ප්‍රධාන ඉල්ලීම් අතර එකක් වන්නේ එරට අගමැති පීටර් ඔනෙයිල් (peter O’neill) වහාම ඉල්ලා අස්විය යුතු බවයි. සිසුන් චෝදනා කරන්නේ ඔහුට එරෙහිව මතුව ඇති දූෂණ චෝදනාය. නමුත් එම චෝදනා එක හෙලාම ප්‍රතික්ෂේප කර ඇති එරට අගමැතිවරයා දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ට එරෙහි පරීක්ෂණවලට සහයෝගය ලබා නොදෙයි.
උද්ඝෝෂණ පෙළපාලිය පොලීසීය විසින් නවතා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පොලීසියට බාරදෙන ලෙස කළ ඉල්ලීම සිසුන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එක්වරම වෙඩි ප්‍රහාරයක් සිසුන් වෙත එල්ල කර ඇතැයි වාර්තාවේ.
එරට දෙවැනි විශාලතම නගරය වන ලෙයේ (lae) තාක්ෂණික විශ්ව විද්‍යාලයෙහි සිසුන් හා එහි කාර්ය මණ්ඩලෙහි දෙදහසක් පමණ දැනට පොලීසියේ රදවා ගෙන ඇතැයි වාර්තාවේ.
පැපුවා නිවිගිනියා ලොව අන්ත දූෂිත රාජ්‍ය ලෙස 2012 වසරේ ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නම්කර තිබුනි. ලෝක බැංකු වාර්තාවන්ට අනුව එරට ජනගහනයෙන් 70%ක්ම දරිද්‍රතා මටටමේ පසුවෙයි.



