2006 වසරේ සිට 2012 වසර දක්වා හිටපු ප්‍රංශ ජනාධිපතිවරු දෙදෙනෙකු වන ජැක් සිරාක් හා නිකොලෝයි සර්කෝසි හා වත්මන් ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලොන්ඩේගේ ජංගම දුරකතනවලට ඇමෙරිකානු රහස් ඔත්තු සේවා හොරෙන් සවන්දී තිබේ.
මේ බව අනාවරණය වූයේ පසුගියදා අගහරුවාදා ලිබරේෂන් නැමැති පුවත්පත හා මිඩියා පාර්ට් නැමැති අන්තර්ජාල වෙබ් අඩවියක් විසින් විකිලීක්ස් තොරතුරු ඇසුරෙන් කරණ ලද හෙලිදරව් කිරීමෙනි. මේ හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා විසින් එරට හදිසි ආරක්ශක මණ්ඩල රැස්වීමක්ද කැදවා තිබේ.
මෙම හෙලිදරව් නිසා ප්‍රංශය හා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයක් නිර්මාණය වීමට බොහෝ ඉඩකඩ පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ ජනාධිපතිවරුන්ට අමතරව ප්‍රංශ කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ හා ඇමෙරිකාවේ ප්‍රංශ තානාපතිවරයාගේද ජංගම දුරකතනවලට මෙසේ එක්සත් ජනපද රහස් ඔත්තුසේවා නිලධාරීන් විසින් රහසේ සවන්දී ඇති බව අනාවරනය විය.
ගෝලීය විදුලි සංදේශ ජලවල ප්‍රධාන හිමිකාර සමාගම් සමග එක්සත් ජනපදය පවත්වාගෙන යන සම්බන්ධතා හරහා මෙම තොරතුරු ලබාගැනීමට එරට ඔත්තුසේවා කටයුතු කරනු ලබයි.
එයට අමතරව අන්තර් ජාල තොරතුර මූලාශ්‍ර බොහොමයක් හිමි බහුජාතික සමාගම්වල හිමිකරුවන් වන්නේද එක්සත් ජනපදය සමග සමීප සම්බන්ධතා ඇති අයයි.