පළමු එක්දින තරගය ලකුණු සමවෙයි

onedaywer

ඊයේ එංගලන්නතය හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙදී ලකුණු 286ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුළු 8ක් දැවී ලකුණු 286ක් පමණි. එහෙයින් දෙපිලම ලකුණු සමවීමෙන් තරගය අවසන් විය.

ඉදිරිපෙළ පිතිකරුවන් සිවු දෙනකු ලකුණු 120 කට දැවී ගොස් සිටි අවස්ථාවේදී සීකුගේ ප්‍රසන්න තම වගකීම මැනවින් ඉටු කරනු දැකිය හැකි විය. එංගලන්ත පන්දු යවන්නන්ට හමුවේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 59 ක් ලබාගැනීමට සමත්විය.

පිතිකරුවන් වශයෙන් තම වගකීම ඉටුකළ ඇන්ජලෝ මැතිව්ස් (73) ලබාගත්තේය.මැතිව්ස්ට අගනා සහයක් දුන් දසුන් ශානක සහ ෆර්වීස් මහරුෆ් දෙදෙනා මුලු ලකුණු සංඛ්‍යාව 286 ක් දක්වා ඔසවා තැබූහ.

ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනෙකුම සිය පළමු පන්දු වාර 10 තුල දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ වගබලා ගත්හ. 10 වැනි ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 ක් ලකුණු 59 කට සීමා විය.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් දෙදෙනාම ලකුණු වේගය ගැන නොසිතා කඩුලු රැකගැනීමේ අටියෙන් පන්දු පිළිගැනීමේ තත්වයකට මුහුණ දී සිටියහ.

එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව කිසිදු පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේය. එංගලන්ත නායකයාගේ අදහස වූයේ පසුගිය දින කිහිපයේදීම පැවැති වර්ෂාව නිසා ක්‍රීඩාංගණය ආවරණය කර තිබුණ බැවින් එය පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි බවයි.

ජොස් බට්ලර් (93) සහ ක්‍රිස් වෝක්ස් (නොදැවී 95) දෙදෙනාගේ ධෛර්යවන්ත පිතිහරඹයත් සමග ලකුණු 287 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය නමුත් අවසන් කඩුල්ල පැනගත නොහැකි වූ එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව සමකරමින් ටේ‍රන්ට්බි්‍රජ්හිදී පැවැති පළමු එක්දින තරගය පරාජය වීමෙන් වැළකී සිටියේය.

ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු 286 ට පිළිතුරු වශයෙන් එංගලන්ත පිල කඩුලු 8 ක් දැවී ලකුණු 286 ක් ලබාගෙන ලකුණු තත්වය සම කළේය. නුවන් ප්‍රදීප්ගේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට ලයාම් ප්ලන්කට් ගැසූ හයේ පහරකින් තරගය අවසන් කර ලකුණු සංඛ්‍යාව සම කරමින් තරගය අවසන් කිරීමට සමත්විය.

එංගලන්තය වෙනුවෙන් අනගි සටනක නිරතවූ වූ බට්ලර් සහ වෝක්ස් දෙදෙනා හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක් රැස් කළේය එම සබදතාවය බිද දමණු ලැබුවේ‘ලෝන්ග් ඕන්’හි සිට දසුන් ශානක විසින් රැකගන්නා ලද විශිෂ්ඨ ලෙස රැක ගත් උඩපන්දුවකිනි.

එංගලන්තයට ජයග්‍රහණය සදහා අවසන් ඕවර දෙකේදී අවශ්‍ය වූ ලකුණු 30 සොයා ඇදුණු ක්‍රිස් වෝක්ස් සහ ලයාම් ප්ලන්කට් පන්දු 12 කින් ලකුණු 29 ක් ලබාගනිමින් තරගය ලකුණු සම කරමින් එංගලන්තය පරාජයෙන් ගලාවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන්
කුසල් ජනිත් 24, ධනුෂ්ක ගුණතිලක 9, කුසල් මෙන්ඩිස් 17, දිනේෂ් චන්දිමාල් 37, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 73,  සීකුගේ ප්‍රසන්න 59 උපුල් තරංග 03, දසුන් ශානක 20, ෆර්වීස් මහරූෆ් නොදැවී 31, සුරංග ලක්මාල් 7, ලබා ගත් අතර අතිරේක ලකුණු 06
සමග ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 286 ලබා ගැනීඹට සමත්විය.‍

එංගලන්ත ඉනිම වෙනුවෙන්
ජේසන් රෝයි 03, ඇලෙක්ස් හේල්ස් 04, ජෝ රූට් 02, ඔයින් මෝගන් 43, ජොනී බෙයාර්ස්ටෝ 03, ජොස් බට්ලර් 93, මුයින් අලී 07, ක්‍රිස් වෝක්ස් නොදැවී 95, ඬේවිඞ් විලී 07, ලයාම් ප්ලන්කට් 22, අතිරේක 7 එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 286 ලබා ගැනීමට සමත්විය.