බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක්
Posted on 06.25.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වන වෙස්මිනිස්ටර් හි පරිගණක පද්ධතියට සිකුරාදා රත්‍රීයේදී සයිබර් ප්‍රහාරයක් එල්ලවී අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට තම අවශ්‍යතාවයන් සදහා පාර්ලිමේන්තු වෙබ් අවියට පිවිසීමට හෝ එහි ඇති තොරතුර් ඊමේල් මගින් ලබා ගැනීමට හැකියාව ලැබී නැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට පාර්ලිමෙන්තු තොරතුරු ප්‍රකාශිකාව පවසා ඇත්තේ යම් කිසිවකු හෝ කිසියම් කණ්ඩායමක් එරට පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනවසරයෙන් ඇතූළවී ඇති බවයි. පසුව එම තත්වය වළක්වන්ට සිය කාර්ය මණ්ඩලය එරට ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානයේ උදව් ලබගෙන එය යථාතත්වයට පත්කිරීමට කෙටි කාලයකින් හැකිවූ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා සිය කාර්යය මණ්ඩල සේවකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සදහා මෙම සිදුවීම වාර්තා වූ වහාම සිය පරිගණක පද්ධතිය බාහිර අන්තර්ජාල සම්බන්ධතාව විසින්ධි කිරීමට කටයුතු කළ බවත් ඇය වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Related News