ජනාධිපති හමුවීමෙන් පසු වර්ජනය අවසන්! – GMOA විධායක සභාව
Posted on 06.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(UPDATE) අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසුව රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විධායක සභාව විසින් වෛද්‍ය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව වාර්තා වේ. රෝගින්ගේ දුෂ්කරතා සම්බන්ධව සලකා බලමින් මෙම තීරණයට එළඹි බව එම සංගමය පවසයි. කෙසේවෙතත් වෛද්‍ය සංගමයේ නියෝජිතයන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී ඇති කරගත් එකගතා මොනවාදැයි හෙළිව නැත.
වෛද්‍ය සංගමයේ තීන්දු ගන්න වාර්ෂික මහ සභාව අද!
වෛද්‍ය වැඩවර්ජනය ඉදිරියට ගෙනයාම සහ සයිටම් අරගලයේදී කොටස්කරුවන් ලෙස තම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම අද පැවැත්වෙන වාර්ෂික මහසභාවේදී සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පවසයි.
වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය තුන්වැනි දිනටත් අද පැවැත්වේ. සයිටම් ආයතනයට සිසුන් බදවාගැනීම තාවකාලිකව නතර කිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් නීතිගත කිරීම, සයිටම් ආයතනය සම්පූර්ණයෙන් ජනසතු කිරීම සහ එම ස්ථාවරය අධිකරණය වෙත දැනුම්දීම යන ඉල්ලීම් පදනම් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ප්‍රකාශ කරයි.
නීති විරෝධී ආකාරයෙන් වෛද්‍ය උපාධි පිරිනමන සයිටම් ආයතනයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් ආරම්භ කළ අරගලයට දේශපාලන පක්ෂ, සරසවි ශිෂ්‍යයන්ගේ මව්පියන්, සමාජ ක්‍රියාකාරිකයන්, බහුජන සංවිධාන සහ ජනතාව එක් කොට සිදුකෙරෙන අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග හා සම්බන්ධවීමේදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ගන්නා පියවර අවධානයට ලක්ව තිබේ. ආණ්ඩුව චෝදනා නගන්නේ වෛද්‍ය සංගමය රාජපක්ෂ පාලනයකට පාර කපන බවයි. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන එන අධ්‍යාපන අයිතිය පිළිබද ප්‍රශ්නය වෛද්‍ය සංගමයේ ප්‍රමාණවත් අවධානයට ලක් කර නැත. ඔවුන් විරෝධයට පදනම් කරගන්නේ සයිටම් ආයතනය පිළිබද ප්‍රශ්නය පමණකි.
Related News