යෝෂිත අත්අඩංගුවට ගත් දිනයේ සාක්ෂි සටහන් නෑ

yoshitha

මුදල් විශුද්ධිකරණය, කූට ලේඛන සැකසීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මෙන්ම රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ චේදනා ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මුල්වරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂි සටහන් කිසිවක් නොමැති බව වාර්තා වේ.

පසුගිය මස 30 වැනි දින මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් අතර, එදින සෙනසුරාදා දිනයක් වූ බැවින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගේ නිල කාරමයේදී අදාල විභාගය පැවැත්වූ අතර, එහිදී සාක්ෂි සටහන් කර ගැනීමට ලඝුලේඛිකාවක් සිට නැත. නමුත් කඩුවෙල අධිකරණයේදී අදාල විභාගය පවත්වා මහේස්ත්‍රාත්වරයා විසින් පෞද්ගලිකව අදාල සටහන් හා නියෝග ලිඛිතව ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරි දිනයකදී මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා කඩුවෙල අධිකරණයේ ලඝුලේඛිකාව අදාල නඩුවට සාක්ෂි සදහා කැදවීමට සූදානමක් පවතින බව ද වාර්තා වේ.