නාරාහේන්පිට පොලිස් ලොක්කාගෙන් ප්‍රශ්න කරනවා – පොලීසිය 

wasim-thajudeen
රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරාගෙන් මේ වන විට ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින්. මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි වසීම් තාජුඞීන්ගේ සිරුර නාරාහේන්පිට ප‍්‍රදේශයෙන් සොයා ගැනුණු කාලවකවානුවේදී පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු  කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කළ අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (20) දිනය. වසීම් තාජුඞීන්ගේ මරණ පරීක්ෂණය සිදුකළ, ඔහුගේ සිරුරු කොටස් අතුරුදන් වීමට වගකිවයුතු වෛද්‍යවරයා සම්බන්ධයෙන් තවමත් පියවරක් ගෙන නැත.

Leave a Reply