පකිස්තාන ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමක් විසින් පාකිස්ථාන අගමැතිවරයාගේ දියණියගෙන් අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇතියි වාර්තාවේ.
මෙම ප්‍රශ්න කිරීමට මුල්වී ඇත්තේ ලන්ඩන් නුවර අති සුඛෝපබෝගී මහල් නිවසක් සිය පවුල සදහා මිලදී ගැනීමට මුදල් යෙදවූයේ කෙසේද යන්න පිළිබදව බව වාර්තාවෙ.
නර්යාර්න් නවාෂ් වන ඇය පසුගිය කාලයේ පැනමා පේපර් හිද මුදල් යොදවා ඇති බවට චෝදනා එල්ලවී තිබුනි.ඒ පිළිබදව පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. ශරීෆ් පවුලට අයත් විදෙස් ගත සමාගමක ප්‍රධානීන් ලෙස ඇය හා ඇයගේ සොයුරා කටයුතු කරයි.
විමර්ශන බලධාරීන් පවසන්නේ නර්යාර්න් නවාෂ් අගමැතිවරයාගේ නිල කටයුතුවලටද සම්බන්ධ වෙමින් සිය සමාගමට වාසි අත්වන ලෙස කටයුතු කර ඇති බවට ද චෝදනා එල්ලවී ඇත. කෙසේ වෙතත් මෙම චෝදනා නර්යාන් නවාෂ් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.