තිරසර සංවර්ධනයක් ගැන ජනපති කියයි 

un address

2030 වර්ෂය වනවිට තිරසර සංවර්ධනයේ ඉලක්ක සපුරා ගැනීමට ශී‍්‍ර ලංකාව සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධනය පිළිබද සමුළුව අමතමින් පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ අතීත මුතුන් මිත්තන්ගේ සාම්ප‍්‍රදායික දැනුම නවීන ලෝකයට ගැලපෙන අයුරින් වර්ධනය කර ගනිමින් ගමන් කිරිමට ශී‍්‍ර ලංකාව සූදානම් බවයි.

තිරසර පාරිසරික සංවර්ධනයක් ඇති කිරිම සදහා, සම්පත් පරිභෝජනය වෙනුවෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට යහපාලන මුලධර්ම තුළ කි‍්‍රයාත්මක කෙරෙන ආයතනික රාමුවක් මගින් එය සිදු කෙරෙන බවද පැවසීය. තිරසර සංවර්ධනයේ ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සදහා සියලු දෙනා සමග අත්වැල් බැද ගැනීමට සුදානම් බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply