නිවාඩු අවලංගු කරත් තැපෑලේ වර්ජනය ක්‍රියාත්මකයි

නිවාඩු අවලංගු කිරීම් නොතකමින් සිය වැඩවර්ජනය අද(13) සහ (14)හෙට දිනයන්හි සිදු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන ලදි.

මෙම නිවාඩු අවලංගු කිරීමට අදාළ චක්‍රලේඛය තැපැල්පති රෝහණ අබේරත්නගේ අස්සනින් යුතුව නිකුත් කර තිබුණි.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වසර 100කට වඩා පැරණි වටිනා ගොඩනැගිලි හෝටල් ඉදිකිරීම වෙනුවෙන් විකුණා දැමීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

 


ආශ්‍රිත පුවත්

 

Leave a Reply