තායිවානයට යුද නැව් විකිණීමේ ගනුදෙනුව පිළිබඳ පැහැදිලිකර ගැනීම සඳහා චීන බලධාරින් එරට එක්සත් ජනපද තානාපතිවරයා කැඳවා ඇත.
තායිවානය සමඟ කළ වෙළෙඳ සාකච්ඡාවකින් පසුව යුද නැව් දෙකක් යුදටැංකි නාශක මිසයිල දිය හා ගොඩබිමට ප්‍රහාර එල්ල කළ හැකි යාත්‍රාව සහ ගොඩබිම සිට විදිය හැකි මිසයිල අලෙවි කිරීමට සූදානම් බව එක්සත් ජනපදය විසින් පසුගියදා ප්‍රකාශ කරන ලදී.
තායිවානය චීන ප්‍රාන්තයක් ලෙස සලකන අතර තායිවානය එක්සත් ජනපදය වැනි බටහිර රාජ්‍යයන්ගේ සහාය ඇතිව චීනයෙන් නිදහස්වීමට දේශපාලන ප්‍රයත්නයක් දරමින් සිටියි. මේ අවි ගනුදෙනුව ගැන චීන රජයේ විරෝධය ප්‍රකාශවීමත් සමඟ එම ගනුදෙනුව වසර හතරක් සඳහා වෙළෙඳ ගනුදෙනු වැඩපිළිවෙලක පළමුවැන්න බව එක්සත් ජනපද ප්‍රකාශකයන් විසින් පෙන්වා දී තිබේ.
තවම නිල අනුමැතිය ලැබී නොමැති නමුත් දින 30න් පසුව කොංග්‍රස් අනුමැතිය හිමිවුවහොත් ගනුදෙනුව සිදුවන බව ප්‍රකාශකයා සඳහන්කර තිබේ මෙය චීන එක්සත් ජනපද සබඳතාවලට බාධාවක් නොකරගත යුතු බවද වැඩිදුරටත් ඔහු විසින් පෙන්වා දී තිබේ.