කැනඩා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ස්ටීවන් හාපර්ගේ කන්සර්වටිව් පක්ෂය පරාජයට පත්ව ඇත. කැනඩාව පසුගිය වසර 9ක් පාලනය කළේ ස්ටීවන් හාපාර්ගේ නායකත්වයෙන් යුත් කන්සර්වටීව් පක්ෂයයි. මෙවර මහ මැතිවරණයෙන් එරට ප්‍රධාන විපක්ෂය වූ ලිබරල් පක්ෂය අති විශාල බහුතර ආසන ගණනක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
කැනඩා පාර්ලිමේන්තුවේ මුළු ආසන ප්‍රමාණය 338කි. එහි බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය ආසන ප්‍රමාණය වන්නේ ආසන170කි. නමුත් ලිබරල් පක්ෂය විසින් ආසන 184ක් ලබා අතිවිශාල බහුතර බලයක් ලබමින් මෙවර මැතිවරණයෙන් ජය ලබාගෙන ඇත. කන්සර්වටිව් පක්ෂයට හිමිව ඇති ආසන ගණන 99කි, නිව් ඩිමොක්රටික් පක්ෂයට ආසන 44ක්ද හිමිව තිබේ. මේ අතර ක්විබෙක් එකමුතුවට ආසන 10ක් හිමිව අති අතර හරිත පක්ෂයටද එක් ආසනයක් හිමිව ඇත.
මේ අනුව ජස්ටින් ටෲඩෝගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය කැනඩාව තුල ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කරගෙන තිබේ.
පරාජය ලැබූ ස්ටීවන් හාපර්ගේ පාලක කන්සර්වටිව් ලංකාවේ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්වරූපයක් අනුගමනය කරමින් කටයුතු කළ අයෙකි. පසුගිය රාජපක්ෂ පාලනය සමයේ පැවැති පොදුරාජ්ජ්ය මණ්ඩල රාජ්‍ය නායක හමුවට ඒමද ස්ටීවන් හාපර් විසින් ප්‍රතික්ෂේප කළේය. ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව සදහන් කරමින් විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.