ජල සම්පත් විකිණීමට රනිල්, හකීම් ගෙනා කැබිනට් පත්‍රිකා අනුමතයි

ජල සම්පත වෙළෙද භාණ්ඩයක් කිරීමේ සූදානම ඇතිව ආණ්ඩුව විසින් විශේෂ නීති සංශෝධනයකට සහ ජල කළමනාකරන නියමු ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව කැබිනට් පත්‍රිකා දෙකක් අනුමතකර ඇත. ඉන් එක් අවස්ථාවකදී අගමැති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව ‘භූගත ජල විමංසන ජාලය‘ නමින් විශේෂ ආයතනයක් පිහිටුවන්නට නියමිතය. එසේම නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකිම්ගේ යෝජනාවකට අනුව, “ජල සේවා කර්මාන්ත පනත“ නමින් නීති හදුන්වා දෙන්නට ආණ්ඩුව සූදානම් වේ. මේ අනුව ආණ්ඩුව කල්පනා කරන්නේ ජලසේවා කරම්මාන්තයක් ආරම්භ කිරිම, ඒ සදහා ආයෝජකයන් ආකර්ෂනය කිරීම හා ඉන්පසු එම කර්මාන්තය නියාමනය කිරීම බව කැබිනට් යෝජනාවේ සදහන් වේ.

ආරම්භක අදියරකදී අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්කවල භූගත ජලසම්පත නිවැරදිව සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නගයි. නියමු ව්‍යාපෘතියක් ලෙස හදුන්වන මෙම ව්‍යාපෘතියෙන් එම දිස්ත්‍රික්කවල භූගත ජල සම්පතේ ප්‍රමාණාත්මක හා ගුනාත්මක තත්වය සිතියම්ගත කිරිම සිදු වේ. මේ සදහා වන ණය මුදලක් නෙදර්ලන්ත බැංකුවකින් ලබාගන්නට අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට ඇමැති මන්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙසේ භූගත ජල සම්පත එහි ප්‍රමානය හා ගුණය අනුව සිතියම්ගත කළ පසුව ජලය වෙළෙද භාණ්ඩයක් ලෙස වෙළෙදපොළට ගෙන ඒමේ මූලික පියවර තැබෙනු ඇති බව පරිසරවේදින් හා වාමාංහික ක්‍රියාකාරින් පසුගිය කාලයේ අනතුරු අගවා තිබිණී. ජල හිගය නිසා ජලය කලමනාකරණය කිරීමට එම සම්පත ඇති තැන් හදුනාගැනීම අවශ්‍ය බවටද ඒ සදහා ජල සම්පත් කලමනාකරණය කල යුතු බවටද තර්ක ඉදිරිපත් කරමින් විවිධ ව්‍යාපෘති නමින් පැමිණී මෙවැනි උත්සාහයන් අවසානයේ ජනතාවගේ ජල අයිතිය උදුරාගන්නා තත්වයට පැමිණෙන ආකාරය, අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ලතින් අමෙරිකානු රටවල අත්දැකීම් තිබේ.

Leave a Reply