මුදල් අමාත්‍යංශය මගින් එළඹෙන මැයි මස 02 දා සිට ක්‍රියාත්මක වන පරිදි 15%ක් ලෙස ඉහළ දැමු වැට් බද්දෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් කිහිපයක් පමණක් නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැති කැබිනට් රැස්වීවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රජයේ ආරංචි මාර්ග පැවසූ බව මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. එහිදී වැඩිදුරටත් දක්වා ඇත්තේ ජල බිල්පත් සහ අත්‍යවශ්‍ය බාණ්ඩ කිහිපයක් බද්දෙන් නිදහස් කිරීමට ඉඩ ඇති බවයි.
වැට් හෙවත් එකතු කළ අගය මත බද්ද බද්ද මැයි මස 02 දා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබිණි. මුදල් අමාත්‍යංශය විසින් අදාල නිවේදනය නිකුත් කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය 18 දා පොළොන්නරුවේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ආර්තිකය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා ආර්ථික විශේෂඥයින්ට උවමනා ආකාරයෙන් කටයුතු කිරිමට තමක් කිසි සේත්ම ඉඩ නොදෙන බවත්, පොදු මහජනතාවට බලපාන කිසිදු බද්දක් පැනවීමට ඉඩ නොදෙන බවත්, එසේ කටයුතු කළ නොහැකි අයට ආණ්ඩුවෙන් බවත් විය හැකි බවත් පැවසීය.
එසේ ප්‍රකාශ කර දිනක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාගේ සිංහ වෙස් ගැලවී ගොස් හිවල් වෙස් නැවත මතුවී ඇත. පොළොන්නරුවේදී සිංහ ලීලාවෙන් අදහස් දැක්වූ ජනාධිපතිවයා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී එකග වී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් කිහිපයක් පමණක් බද්දෙන් නිදහස් කිරිමටය.එයද මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැති අතර, මාධ්‍ය වාර්තා කර තිබුනේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවයි.
පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ජනාධිපතිවරයාට චෝදනා කරමින් පැවසුවේ “රෑට එක මේසේ වාඩ්වෙලා තීන්දු තීරණ අරගෙන උදේට බොරුවට කෑගහනවා“ යනුවෙනි. ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියේ අදාල තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට් මණුඩලය තුළ බවත්, එහි ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා විසින් අදාල බදු පැනවීම සම්බන්ධ තීන්දු ලබා දෙමින් හා අදාල තීන්දු අනුමත කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ ජනතාව රවටන ප්‍රකාශ සිදු කරන බවයි.


