ගැමුණු විජේරත්න බස් වර්ජනය පාවාදෙයි

 අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් රථ වර්ජනයට සම්බන්ධ නොවීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මාර්ග තදබදයට පිලියම් නොයොදා මාර්ග නීති උල්ලංඝනයට අවම දඩව රු.2500ක් ගෙන එන්නට මුදල් ඇමැති විසින් කියැවූ 2017 අයවැයෙන් යෝජනා කිරීම නිසා බස් වර්ජනයට යෝජනාව ගෙන ආවේද ගැමුනු විජේරත්න විසිනි. එහෙත් ඔහු දැන් පවසන්නේ මුදල් ඇමැති රවි කරුනානායක සමග කළ සාකච්ඡාවකින් පසුව එම වර්ජනයට සහභාගි නොවන්නට තීරනය කළ බවයි.

කෙසේවෙතත් අනෙකුත් බස් සංගම් එම වර්ජනය අත්හැරීමේ තීරණයට එකග වීද යන්න ඔහු ප්‍රකාශ කලේ නැත.