ජාතික රෝහලේ නව ඒකකය ආරම්භ කිරීමට හැකියාවක් නෑ
Posted on 05.07.2017 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
කොළඹ ජාතික රෝහලේ අලුතින් වැඩ අරම්භ කිරීමට නියමිතව තිබූ ඒපිලප්සි ඒකකයේ (Epilepsy Unit) කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමය ප්‍රකාශ කළේ එම ඒකකයට අවශ්‍ය විකිරණ තාක්ෂණ ශිල්පීන්ගේ හිඟයක් පවතින බවත් මෙම ඒකකයට අවශ්‍ය විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමේදී අදාළ තාක්ෂණවේදීන්ගෙන් කිසිඳු විමසීමක් නොකළ නිසා විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත්ය.