දිල්ලි ගෑස් කාන්දුවකින් පාසල් සිසුවියන් 200ක් රෝහල් ගත කරති
Posted on 05.06.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
අද දහවල් දිල්ලි නගරය ආසන්නයේ සිදුවූ හදිසි ගෑස් කාන්දුවකින් පසුව ඒඅසල පිහිට පාසලක සිසුවියන් 200ක් රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පීඩාවට පත්ව ඇති පාසල් සිසුවියන් හට ඇස්වල හටත් දැඩි දැවිල්ලක් හා උගුරේ වේදනාවක් සමග මෙසේ හදිසි රෝහල් ගත කිරීම සිදුකර තිබේ.
පාසල අස පිහිටි රායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ලබන කර්මාත්න ශාලාවකින් මෙම විස සහිත වායුව පිටවන්නට ඇති බව බලධාරීන් සැක කරනු ලබයි.
මේ වන විට එම ප්‍රෙද්ශයේ පවුල් ගණනාවක් ඉවත් කර ඇති බව වාර්තාවේ. ඉන්දියාවේ බොහෝ කර්මාන්තවල නිසි ප්‍රමිතියකින් තොව සිදුකරනු ලබන රසායනික ද්‍රව්‍ය භාවිතවෙන් මීට පෙරද හදිසි අනතුරු ගණනාවක් සිදුව තිබේ.
අත්‍යාවශ්‍ය ආරක්ෂක ක්‍රමයන් භාවිතයට නොගැනීමේ ප්‍රථිපලයක් හා පාසල් වැනි අතිශ්‍යය ජනාකීරණ ස්ථානවල පවත්වාගෙන යනු ලබන මෙම අනාරක්ෂිත රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම් හේතුවෙන් මෙවැනි අනතුරුවලින් ලොව පුරා මිනිසුන් පීඩාවට පත්වේ.
Related News