උසස් අධ්‍යාපනයට නව පනතක්
Posted on 05.07.2017 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය වර්ධනය කිරීමට නව පනතක් ගෙන ඒමේ සුදානමක් සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
මේ වන විටත් එම පනත සකස් කිරීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවත් සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, මැලේසියාව ආදී රටවල අධ්‍යාපන පනත් අධ්‍යනය කර මෙය සකස් කරන බවත් කොමිසම වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් ඉතිහාසයේ සිටම සෑම ආණ්ඩුවක්ම අධ්‍යාපනයට අදාළව ගෙන එන ලද අණ පනත් මෙන්ම මෙම යහපාලන ආණ්ඩුව ද අධ්‍යාපනයට අදාලව සිදු කරන මැදිහත් වීම් දෙස බැලීමේදී මෙයද අධ්‍යාපනයේ නිදහස සහ නිදහස් අධ්‍යාපනය සීමා කිරීම සහ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහා ගෙන එන පනතක් බව පැහැදිලිය.
අධ්‍යාපනය ට අදලාව විශාල ජනතා අරගලයක් පවතින මොහොතක ඊට විසදුම් දෙනවා වෙනුවට නැවතත් ඒවැනිම ක්‍රියාමාර්ගයක් ගැනීම තුලින් ආණ්ඩුවේ අරමුණ පැහැදිලිව වේ.