ඕනෑම වෘත්තිය අරගලයකට සහය දක්වන බව දුම්රිය ස්ථානාධිපතිවරු කියයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බදවාගැනීම් සඳහා විශ්‍රාම වැටුප් අහිමි කර ඇති අතර ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු ගණනාවක් මතුවෙමින් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරු පවසයි.

ඉදිරියේදී මෙම ගැටලුකාරී තත්වයන්ට විසදුම් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බල කරකරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවත් ඉදිරියේදී සිදු කරනු ලබන ඕනෑම වෘත්තීය අරගලයට තම සංගමය ලෙස සහාය දක්වන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

 

Leave a Reply