ජානාධිපතිවරයා හා අග්රාමාත්යවරයා සමඟ සිය ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට මේ වන තෙක් අවස්තාවක් නොලැබීම හේතුවෙන් සියළු වෘත්තීය සමිති අද(06) දින රැස්වී වැඩවර්ජනය සිදුකරන දින සම්බන්දව අවසන් තීරණයකට එළඹෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ත්රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදීම, හම්බන්තොට වාරයේ තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට පවරාගැනීම හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරලීම මෙම ඉල්ලීම් වේ.