කොළඹ සුද්ද කරන්න යාචකයන්, බල්ලන්, ගවයන් අල්ලයි!

කොළඹ අගනාගරික කලාපයෙන් දඩාවතේ යන බල්ලන්, හරකුන් මෙන්ම යාචකයන් ඉවත්කිරීමේ උත්සාහයක් යළිත් දියත් කරමින් තිබේ.

මෙසේ බල්ලන් සහ ගවයන් ඉවත්කිරීමට නොහොත් ගාල්කර සංහාරය කිරීමට මේ වනවිට ඝාතකයන්ගේ පුරප්පාඩු පිරවීම සදහා පුවත්පත් දැන්වීම් දමා තිබේ. යාචකයන් අල්ලා හම්බන්තොට රිදියගම පුනරුත්ථාපන කදවුරට ගෙනයාමට නියමිත බව නගර සභා ආරංචිමාර්ග සදහන් කරයි. කලක් මෙම පිලිවෙත අනුගමනය කරමින් රාජපක්ෂ ආණ්ඩුව සමයේද ‘පොදුරාජ්‍ය මණ්ඩලයේ නායක සමුලුව‘ පැවැත්වූ ආකාරය මෙහිදී සිහිපත් වේ. එවකට වත්මන් ආණ්ඩුවේ ඇතැම් නායකයන්ද ආණ්ඩුව පිහිටුවන්නට දරදිය ඇදි මතවාදී නායකයන්ද රාජපක්ෂ පාලනය දැඩි ලෙස විවේචනය කලේ මෙවැනි හාස්‍යජනක උපක්‍රම හරහා කොළඹ දියුනු නගරයක් ලෙස පෙන්වීමේ පුයත්නය රාජපක්ෂ පාලනයේ නොහැකියාව වසාගන්නට කරන බාල උත්සාහයක් ලෙස හදුන්වමිනි. තවදුරටත් යාචකයන් පලවාහැරීමේ උත්සාහය සාර්ථක කරගන්නට රාජපක්ෂ පාලනය විසින් යාචකයන් මරා දැමීමේ මෙහෙයුමක් සිදුකළ බවටද එවකට චෝදනා නැගිනි. එහෙත් මරා දුමුන් යාචකයන් තැන තැන හමු වුණා මිස ඒ පිලිබද කිසිදු විධිමත් පරික්ෂනයක් සිදුවූයේ නැත.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේද යාචකයන් රිදියගම පුනරුත්ථාපනයට ගෙන යාමෙන් කොළඹ ‘සුද්ද පවිත්‍ර කිරීමේ ප්‍රයත්නය‘ නිශ්ඵල විය.

Leave a Reply