ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව වෙනුවෙන් මහගු මෙහෙයක් ඉටු කළ, සුමුදු පතිරාජගේ රුසියානු සම්භාව්‍ය ගායනා ඇතුළත් “ශිශිරය සන්ධ්‍යාව”, 2017, මැයි 28 වෙනි දා, සවස 5.30 ට, කොළඹ 7, රුසියානු කේන්ද්‍රයේ දී පැවැත්වේ.
රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කාව්‍ය ඇතුළු රුසියානු සම්භාව්‍ය ගායනා කලාවේ අපූර්ව සෞන්දර්යාත්මක හැඩතල රැසක් මෙහි දී අදාළ සංගීතාත්මක සහායනය සහිතව ඉදිරිපත් කෙරේ. ප්‍රේක්ෂක සහෘදයින් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන මේ සම්භාව්‍ය සංගීත සන්ධ්‍යාව මෙරට සංගීත රසාස්වාදනයේ අභිවර්ධනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන්නකි.

