කැබිනට් සංශෝධන වංචාවට රැවටෙන්න එපා – පුබුදු ජයගොඩ (Audio)
Posted on 05.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් මැතිවරණවලදී දුන් පොරොන්දු පවා ඉටු කරගත නොහැකිව තිබියදී ඇමති තනතුරු වෙනසකින් ප්‍රශ්න විසදිය හැකි යයි ජනතාව මුලා නොවිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.
මතුවී තිබෙන ගැටළුවලට විසදුම් ලෙස ආණ්ඩුව විසින් කැබිනට් සංශෝධනයක් සිදු කීරීම පිළිබද අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා මෙලෙස අදහස් දක්වන ලදි.
ආණ්ඩුවටත්, විපක්ෂයටත් රට තුළ උද්ගතව ඇති කිසිම ප්‍රශ්නයකට හේතුව කුමක්ද යන්න පිළිබඳ කිසිදු ඉදිරි දර්ශනයක් නොමැති බවත් දැනට උද්ගතව ඇති සියළු ප්‍රශ්න වලට හේතුව නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙල සහ අධිරාජ්‍ය ගැති පාලනය බැවින් ආණ්ඩුව සහ විපක්ෂය ලෙස බොරුවට බෙදී සිටින දෙපක්ෂයටම ප්‍රතිපත්තිමය විකල්පයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.
2015 වසරේදී ජානධිපතිවරනයෙදී සහ මහ මැතිවරණයේදී ප්‍රතිපත්තිමය වෙනසක් නොකර මුහුණු මාරුවකින් ප්‍රශ්න විසදන බව පවසා නැවතත් වසර දෙකකට පසු ආණ්ඩුව කැබිනට් සංශෝධනය විසදුම ලෙසත් විපක්ෂය ආණ්ඩු මාරුව විසදුම ලෙසත් යෝජනා කරමින් සමාජය මුලා කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිශ්චිතවම 2015 වසරේ හිටපු ස්ථාවරයේම අදත් සිටින බවත් මෙම ප්‍රශ්න විසදීමටම ප්‍රතිපත්තිමය වෙනසක්, ක්‍රම මාරුවක් අවශ්‍ය බවත් ජනතාව මෙම මුහුණු මාරුවට නොරැවටෙන ලෙසත්, ගැටළුවලට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.
පුබුදු ජයගොඩ අදහස් දක්වමින්
Related News