පොලිසිය කල් ඉකුත් වූ කඳුළු ගෑස් වලින් පහර දීලා.
Posted on 05.20.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය 17 වන දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරන ලද SAITM අහෝසි කිරීමේ පා ගමනට පොලිසිය විසින් සිදු කරන ලද කඳුළු ගෑස් පහර දීමට යොදා ගත් කැනිස්ටර් කල් ඉකුත් වී ඇති ඒවා බව වාර්තා වේ.
එම කඳුළු ගෑස් කනිස්ටරයන්හි සඳහන්ව ඇති ආකාරයට 2004 වර්ෂයේ 12 වෙනි මාසයේ නිෂ්පාදනය කරන ලද ඒවා වන අතර වසර 5කට පසු එනම් 2009 වසරේ 12 වෙනි මස කල් ඉකුත් වී ඇත. ඒ අනුව පොලිසිය සිසුන්ට පහර දී ඇත්තේ වසර 12 කටත් පෙර නිෂ්පාදනය කර ඇති වසර 8කට පෙර කල් ඉකුත් වී ඇති භාවිතයට කිසි සෙත් නුසුදුසු අධික විශ සහිත කැනිස්ටර් වලිනි.
එම කල් ඉකුත් වූ කැනිස්ටර්වල මෙසේ සඳහන් වී ඇත.
”DO NOT USE IN ANY MANNER IF CONDITIONS OR STORED SUBJECTED TO POOR STORAGE CONDITIONS OF STORED LONGER THEN FIVE YEAR FROM THE DATE MANUFACTURED”
Related News