தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
වෛද්‍ය වැඩවර්ජනය දිනක් දක්වා දීර්ඝ කෙරේ! « Lanka Views | Views of the truth

වෛද්‍ය වැඩවර්ජනය දිනක් දක්වා දීර්ඝ කෙරේ!




මැයි 22 දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කිරීමට නියමිත වරුවක වැඩ වර්ජනය දිනක වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට එම සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

17 වන දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරන ලද SAITM අහෝසි කිරීමේ පා ගමනට ආණ්ඩුව පොලිසිය යොදවා සිදු කරන ලද පහර දීම, වෛද්‍ය සභාවට බෝම්බ ගැසීමට අදාළව විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගියදා එම සංගමය තීරණය කරන ලද්දේ දිවයිනේ සියළු වෛද්‍යවරු උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා වැඩ වර්ජනය කිරීමටත් ශාඛා සංගම්වල කැමැත්ත පරිදි එම වර්ජනය දිනක් දක්වා දීර්ඝ කිරීමට තීරණය වී තිබුණි.

 



Related News