ට‍්‍රම්ප්ගේ පළමු විදෙස් සංචාරය සෞදියට
Posted on 05.21.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය පළමු විදෙස් සංචාරය සදහා ඊයේ සෞදි ආරබියට පැමිණ ඇත. මෙම සංචාරයේදී එක්සත් ජනපද ඉතිහාසය තුල කරනු ලබන වැඩිම වටිනාකමකින් යුත් ආරක්ෂක හා වෙළද ගිවිසුම් අත්සන් කිරීමට සෞදි ආරබි රජය සමග කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දිවිපාර්ශවීය ගිවිසුම්වල වටිනාකම ඩොලර් බිලියනි 350 ක් ඉක්මවන බව එක්සත් ජනපදය පවසා ඇත. ට‍්‍රම්ප් විසින් අත්සන් කිරීමට නියමිත දෙරට අතර ආරක්ෂක ගිවිසුමේ එක්සත් ජනපදය විසින් සෞදියට ලබා දෙන අවිවල වටිනාකම ඩොලර් බිලියන 110කට වැඩි වන බව වාර්තාවේ. මෙය දෙරට අතර සිදුකර ඇති විශාලතම අවි ගණුදෙනුව වේ.
රියාද් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසා ඇත්තේ ඉරානයට මුහුණදීම සදහා සෞදි අරාබියට හා ගල්ෆ් කලාපයට මෙසේ අවි සැපයීමට සිදුවූ බවයි.
එක්සත් ජනපදය සිය ගල්ෆ් කලාපීය යුද උපාය මාර්ගය වන්නේ සෞදිය ප‍්‍රමුඛ තම හිතවාදී රටවල් සමග ඉරානය හා සිරියාව වැනි රුසියානු හිතවාදී රටවල ස්ථාවරත්වය නැති කොට සිය සිවිල් යුද තත්වයක් නිර්මාණය කරවීමය.
පසුගිය කාලයේ එක්සත් ජනපද උපාය මාර්ගවල ප‍්‍රථිපළ අනුව ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා ලිබියාව යන රටවල්වල සිය අරමුණ ඉටුකර ගැනීමට සමත්ව ඇත.
සිය පළමු සංචාරය තුලදීම ටුම්ප් පරිපාලනය සිය ආර්ථික හා යුදමය අරමුණූ පෙර දැරිව කරනු ලබන මැදපෙරදිග සංචාරය එම කලාපයට කරනු ලබන මැදිහත්වීම දැනට පවතින තත්වයට වඩා තීව‍්‍ර කරනු ලබන ඇගවීමක් ලෙස සැලකිය හැකිය.
Related News