කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ලිංගික හිංසනයට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් “කොණ්ඩයා” නමැත්තා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට රැගෙන ආවේය.
රහස් පොලිසිය විසින් සැකකරු වාහනයකින් මීගමුව රෝහලට රැගෙන එන අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටි අතර ඒ අවස්ථාවේ රෝහල අවට නොසන්සුන්තාවයක්ද ඇති වූ බව වාර්තා වේ.