ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය යටතේ ඇති අනිල් කුම්ලේගේ සභාපතීත්වයෙන් යුත් කි‍්‍රකට් කමිටුව මැයි 14,15 දෙදින ඉන්දියාවේ මුම්බායිහිදී රැස්වුණු අතර එහිදී කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉදිරි අනාගතයට අදාළ වැදගත් තීරණ රැසක් ගනු ලැබීය. තරග තීරකයන්, විනිශ්චයකාරවරුන්, පුහුණුකරුවන්, කණ්ඩායම් කළමනාකරුවන්, තාක්ෂණික නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක්ම නියෝජනය කරමින් රන්ජන් මඩුගල්ලේ, මාක් ටේලර්, රවී ශාස්ත‍්‍රී, ඩැරන් ලීමන්, ලක්ෂ්මන් ශිවරාමකි‍්‍රෂ්ණන් ඇතුළු තවත් කිහිප දෙනකුම මෙම කමිටුව නියෝජනය කරයි.
දේශීය මට්ටමින් පැවැත්වෙන මුල්පෙළ සිව්දින තරග සඳහා රෝස පැහැති පන්දුවක් යොදා ගැනීමට මෙහිදී තීරණය කෙරුණි. එමෙන්ම පස්දින ටෙස්ට් තරඟ දින හතරකට සීමා කිරීමේ යෝජනාවක්ද සාකච්ඡා කෙරුණු නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු නොලැබීය. පිත්තේ ප‍්‍රමාණය හා නිමාව පිළිබඳව තාක්ෂණික කරුණු අධ්‍යයනයකින් පසුව ඒ පිළිබඳව තීරණය කිරීම 2017ට කල් තැබීය. ජාත්‍යන්තර තරග සඳහා යොදා ගන්නා පන්දුවල ප‍්‍රමාණය සහ කල් පැවැත්ම එකිනෙකට වෙනස්ව පැවතීම යෝග්‍ය නොවන නිසා සියලූම පන්දු සඳහා පොදු නිර්නායකයක් සැකසීමට තීරණය විය. විවිධ කී‍්‍රඩාංගණවල හතරේ සීමාවේ වෙනස්කම් පවතින බැවින් එම වෙනස්කම් අවම කරමින් ඒ සඳහා උපරිම සීමාවක් පැනවීමටද තීරණය විය. එක්දින තරග නීතිවලට අදාළව තීරණ කිහිපයක්ම ගනු ලැබිණි. ඒ අනුව, මෙතෙක් පැවැති බැටින් පවර් ප්ලේ අවස්ථාව අවලංගු කෙරේ.
පළමු පන්දුවාර දහය තුළ යාර 30ට පිටින් රැඳවිය හැකි අනිවාර්ය පන්දු රකින්නන් දෙදෙනකු රැඳවීමේ නීතිය අවලංගු කෙරේ.
පන්දුවාර 41-50 ත් අතර අවසන් පන්දුවාර 10 තුළ දැනට යාර 30 න් එපිට පන්දු රකින්නන් හතර දෙනකු රැඳවිය හැකිව තිබූ අතර එය පහ දක්වා වැඩි කෙරේ.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ පිත්තත් පන්දුවත් අතර තබා ගතයුතු සමබරතාව පසුගිය කාලයේ පැවැති නීතිවලින් බිඳවැටුණු බවත් එහිදී පිතිකරුවන්ට වැඩි වාසි අත්වූ බවත් එය වෙනස් කරමින් යළි සමබරතාවට ගෙන ඒමට මෙම යෝජනා හේතු වන බවත් කමිටුවේ අදහස විය. විශේෂයෙන් පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී මෙම අසමබරතාව හොඳින් දැකගත හැකි වූ අතර එහිදී අවස්ථා ගණනාවකදීම අවසන් පන්දුවාර 15 තුළ ලකුණු 150ට වැඩියෙන් රැස්කර ගනු ලැබීය. එසේම පිතිකරුවන් වැඩිම ශතක ගණනක් රැස්කර ගනු ලැබුවේද මෙවර ලෝක කුසලානයේදීය. මේ පිළිබඳව බටහිර ඉන්දීය කොදෙව් එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පැවසුවේ පන්දු යවන කණ්ඩායමේ නායකයන්ට මෙම තීරණවලින් යම් ඉස්පාසුවක් ලැබෙන බවයි.
මීට අමතරව දැවී යාමකදී එම පන්දුව නිපන්දුවක්ද යන්න තීරණය කිරීමට වැඩි කාලයක් වැය නොකර කඩිනමින් තීරණය කිරීම සඳහා කටයුතු සැලැස්වීමටද පන්දු වාර 50 මෙන්ම 20-20 තරග සඳහා සියලූම ආකාරයේ නිපන්දුවලට නිදහස් පහරක් ලබාදීමටත් තීරණය කෙරුණි.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ විනය පිළිබඳවද මෙහිදී දැඩි ලෙස සලකා බැලූණු අතර කී‍්‍රඩකයන් අතර ඇෙඟ් හැප්පීම වැනි විනය කඩකිරීම්වලදී දඩ මුදල් අයකිරීම වෙනුවට තරග තහනමට ලක් කිරීමේ බලය තරග තීරකයන්ට ලබාදීමටද තීරණය විය. නීති විරෝධී ඉරියව්වෙන් පන්දු යවන කී‍්‍රඩකයන් අවම කරගැනීම සඳහා දේශීය මුල්පෙළ තරගවලදී පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කරන ක‍්‍රමවේදයක් සැකසීමටද තීරණය විය. එසේම මෑතකදී පන්දුවක් හිසේ වැදී මිය ගිය ඕස්ටේ‍්‍රලියාවේ ෆිිල් හියුස්ගේ සිදුවීම සැලකිල්ලට ගනිමින් සියලූම හිස් ආවරණ බි‍්‍රතාන්‍ය ප‍්‍රමිති සහතිකයට යටත් විය යුතු බවට තීරණය කෙරුණි.
කි‍්‍රකට් කමිටුව දෙදිනක් තුළ රැස්වී ගනු ලැබූ මෙම තීරණ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ජුනි මස රැස්වන විධායක සභාවට නිර්දේශ ලෙස ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතය. කි‍්‍රකට් යනු තවදුරටත් ක‍්‍රීඩාවක් පමණක්ම නොවන බවත් එය දැවැන්ත වෙළෙඳපොළක් බවත් වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන ලෙස කී‍්‍රඩාව හැඩගැසිය යුතු බවත් කි‍්‍රකට් කමිටුව ගනු ලැබූ තීරණවලින් මනාව පසක් වෙයි.