කසළ බැහැරකිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කරණ ලදී.
කථානායක කරු ජයසූරිය ගැසට් නිවේදනයට සභාවේ අනුමැතිය විමසූ විට ඡන්ද විමසීමකින් තොරව ගැසට් පත්‍රයට සභාවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, වීදියෙන්, නිවාසවලින් ඉවතලන හෝ වෙනත් කැළි කසළ ඉවත් කරලීම, එක්රැස් කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, පිරිසැකසුම, වර්ගකිරීම, පිළියම් යෙදීම, ඉවත් කිරීම සහ විකිණීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් හෝ එබඳු යම පළාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරුමක් සම්බන්ධයෙන් ඉටුකරනු ලැබිය යුතු හෝ ඉටු කිරීමට අවශ්‍යවන්නා වූ කවර වුව ආකාරයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමය යෙදවීම යන සියල්ල අත්‍යවශ්‍ය සේවා බවට පත් වේ.