කම්කරු වරප්‍රසාද කප්පාදුකිරිම් උත්සාහයට විරෝධය පා කම්කරු නියෝජිතයන් විරෝධතාවක

ILO-Labour-Reform-Protest-1

පවතින සේවක වරප්‍රසාද කප්පාදුකිරිම් අරමුණින් කම්කරු නීති සංශෝධනය කිරීමේ අරමුන සහිතව ඊයේ (24) දින කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති වැඩමුළුවකට විරෝධය පා වෘත්තීය සමිති නියෝජිතයින් ගණනාවක්, එම හෝටලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (ILO) කොළඹ කාර්යාලයේ මුල්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුව වෘත්තිය සමිති විසින් වර්ජනය කළ අතර මින් පෙර පැවැති මෙවැනි වැඩමුළුවකදී සේවක අයිතින් කප්පාදු කිරීමේ කොන්දේසිවලට විරෝධය පා එහි සිටි නියෝජිතයෝ ඉවත්ව ගියහ.

තම විරෝධයට හේතු පැහැදිලි කරමින් අදහස් දැක්වූ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් පැවසුවේ කම්කරු නීති හාම්පුතුන්ගේ වුවමනාවන්ට අනුව කප්පාදු කළ යුතු නම් රජය ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ යුතු බවයි.

මෙම විරෝධතාව සඳහා ලංකා වතු සේවා සංගමය, ස්වාධීන තටාක සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ටෙලිකොම් ඩිප්ලෝමාධාරින්ගේ සංගමය, ටෙලිකොම් සියලු සේවක සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ආහාර බීම දුම්කොළ හා කර්මාන්ත සේවක සංගමය, ස්වාධීන වෘත්තීය සමිති සන්ධානය ආදී සමිති ගණනාවක සාමාජිකයන් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

(සේයාරූ – wedabima.lk වෙබ් අඩවියෙන්)

ILO-Labour-Reform-Protest-8 ILO-Labour-Reform-Protest-10