පිරිවෙන් දිනය දා පත්‍රිකා බෙදූ භික්ෂුන් පළවා හරී!

IUBF-logo

ජූලි 26 ජාතික පිරිවෙන් දිනය වෙනුවෙන් මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගනයේ පැවැති උත්සව පරිශ‍්‍රයෙන් පිටත අත් පත‍්‍රිකාවක් බෙදමින් සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ භික්ෂුන්ට තර්ජනය කරමින් පළවා හැරීම සම්බන්ධව එම භික්ෂු සංවිධානය සිය විරෝධය පළ කරයි.
ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පිරිවෙන් ක්ෂෙත‍්‍රයේ සැබෑ ගැටලූ විසදීම වෙනුවට ප‍්‍රචාරකවාදී සංදර්ශන දැක්වීම පිලිබද දැනුවත් කරමින් සිටි අවස්ථාවේ එම ස්ථානයට කඩාවැදුණු ආණ්ඩුගැති හිමිවරු පිරිසක්, නිලධාරීන් ද ඇතුලූ පිරිසක් එම අවස්ථාවේ බෙදමින් සිටි පත‍්‍රිකා බෙදීම නවතන ලෙස තර්ජනය කළහ. ජනාධිපති ආරක්ෂක අංශය ද යෙදාගෙන අත් පති‍්‍රකා සියල්ල ද බලහත්කාරයෙන් පැහැරගන්නා ලදී. අත්අඩංගුවට ද ගන්නා බවට තර්ජනය කරමින් එම පත‍්‍රිකා බෙදූ භික්ෂුන් අතුළු ක‍්‍රියාකාරිකයන් එතැනින් පළවා හරින්නට උත්සාහ කළ නිසා ගැටුමක් ඇතිකර නොගෙන එම ස්ථානයෙන් ඉවත් වුවද යහපාලනය මූලික කරගන්නා බව කී වත්මන් පාලකයන්ගෙන් මතුවන ”නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය” මෙයදැයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එම නිවේදනයෙන් ප‍්‍රශ්න කරයි.

Leave a Reply