தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
මෝදි අද එන්නේ දඹුලුත් වැදලා තලගොයි මරාගන්නද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෝදි අද එන්නේ දඹුලුත් වැදලා තලගොයි මරාගන්නද?



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද(11) දිවයිනට පැමිණෙන්නේ වෙසක් සමරන්නට පමණක්දැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.

ආන්ඩුව ප්‍රකාශ කරන අකාරයට ඔහු පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගීවීම සඳහාය. එහෙත් ඔහු ලංකාවට පැමිණෙන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාගැනීම සම්බන්ධවත් එට්කා ගිවිසුම ඉක්මනින් අවසන් එකගතා ඇතිකරගැනීම සදහා ලංකාවේ නායකයන් එකග කරවා ගැනීමට බවත් දේශපාලන අදහස් පළ වී තිබේ.

අද පස්වරු 05.30ට පමණ දිවයිනට පැමිණීමට නියමිත නරේන්ද්‍ර මෝදි තම දෙදින සංචාරය තුළදී  කොළඹ, මහනුවර සහ හැටන් ප්‍රදේශවල වැඩසටහන් කිහිපයකට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශ මූලාශ්‍ර හෙළි කරයි. ඉන්දිය අගමැතිවරයා දිවයිනට පැමිණීමෙන් පසුව මුලින්ම අද පස්වරුවේ ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවන්නට නියමිතය. ඉන්පසු හෙට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට ඔහු සහභාගී වෙයි. එපමණකින් නොනැවතී ඔහු හැටන් දික් ඔය මූලික රෝහලේ ඉදි කළ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සඳහා ද සහභාගී වන බවත් ප්‍රකාශිතය‍. මේ අතර‍, ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු  විරෝධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.




Related News