தமிழ்
English
Contact
Monday 30th April 2018    
ඩෙංගු රෝගය, වසංගත තත්වයකට උග්‍ර වේ « Lanka Views | Views of the truth

ඩෙංගු රෝගය, වසංගත තත්වයකට උග්‍ර වේ



ඩෙංගු රෝගය වසංගත තත්වයකට උත්සන්න වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන කරුණක් නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරක් ලෙස වර්ග කර ඇති අතර එම කාණ්ඩ 4න් 2016 වර්ෂය අවසාන වන තෙක් වාර්තා වූ රෝගීන් හට වලදී තිබුනේ අංක 1 සහ 4 කාණ්ඩ වලට අයත් රෝගී තත්වයන් බවත් පසුව එම කාණ්ඩවල රෝගී තත්වය අඩුවී ගොස් මේ වන විට දෙවන කාණ්ඩයට අයත් රෝගී තත්වයන් උත්සන්න වෙමින් පවතින බව වේ.

වසංගත රෝග මර්දන ඒකකයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසු ගිය 8 වන දා වන විට වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 43530ක් වේ. තවද මේම තත්වය හමුවේ කුරුණෑගල ශික්ෂණ රෝහල බරපතල ගැටලුවකට මුහුණ දෙමින් සිටී. එනම් එම රෝහලේ කාර්ය මණ්ඩලය මෙම රෝගයට දිගින් දිගටම ගොදුරු වෙමින් සිටින නිසාවෙනි. මේ වන විටත් එම රෝහලේ සේවය කරන 80කට පමණ ඩෙංගු රෝගය වැලදී ඇති බව වාර්තා වේ.

වර්ෂාවත් සමඟ මෙම තත්වය ඉදිරියට තවත් වර්ධනය වීමකට ඉඩ ඇති මොහොතක පවා ආණ්ඩුව මේ සම්බන්ධව නිසි පිළියම් යේදීමකට සුදානමක් හෝ නොමැති බව පැහැදිලි වේ. පසුගියදා ඩෙංගු රෝග මර්දනයට අදාළව වෙන් කල මුදලින් අමාත්‍යංශ සේවක අතිකාල වැටුප් ගෙවූ බවටද වාර්තා විමෙන් ම ආණ්ඩුව මේ තත්වය තවතවත් තහවුරු කර ගත හැකිය.




Related News